මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලේඛකයාගේ ‘මාණික්කාවත’ නවකතාව පිළිබඳව කොළඹ මහජන පුස්තකාලයේ අද (22දා) සවස පැවැති සාහිත්‍ය සංවාදයේ දේශනයක් කරමින් සිටියදී රෝගාතුරවූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.
අපහසුතාවෙන් සිය දේශනය පවත්වමින් සිටි හේවගේ මහතා අතරමග පැමිණ සභාවේ අසුන්ගත් අතර සමාජවාදී කලා සංගමයේ සාමාජිකයෝ ඔහු රෝහලට රැගෙන ගියහ.