නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (15දා) ඔහු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ. ශ්‍රී ලංකා නැව් සංස්ථාවට පසුගිය ආණ්ඩුව සමයේදී නැව් දෙකක් මිලදී ගැනීමේදි සිදුව ඇතැයි පැවැසෙන මූල්‍ය වංචාවක් පිළිබඳව ඔහු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් වෙනුවෙන් ප්‍රකාශයක් ගැනීමට මෙසේ කැඳවා තිබේ. රාජ්‍ය පරිපාපලන හා කළමණාකරණ, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා පත්කළ නලින් බණ්ඩාර මහතා ඊයේ (14දා) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.