නල්ලූර් යන්න අතිරේක AC මැදිරි 3 ක්
                                 -  29 08 2016 
                                 -  18:50
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - නිදර්ශනී වික්රමසිංහ 
                                
                            
                        
                        යාපනය, නල්ලූර් කෝවිලේ වාර්ෂික ප්රධාන පූජෝත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා හෙට (30දා), අනිද්දා (31දා) සහ 01දා) යන තෙදින තුළ වායුසමීකරණ මැදිරි 03 ක් අතිරේකව එක්කොට දුම්රිය ධාවනය කරවීමට ශ්රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා තිබේ.
ඒ අනුව, අංක 4021 දරන ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්රගාමී දුම්රියට සහ අංක 4022 දරන කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානයේ සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය සඳහා දිනපතා ධාවනය වන දුම්රිය මැදිරිවලට අමතරව පළමු පන්තියේ වායු සමීකරණය කරන ලද මැදිරි 03 ක් එක් කෙරෙනු ඇත.
දුම්රිය මූලස්ථානය දැනුම්දෙන පරිදි අදාළ දුම්රිය කාලසටහන් පහතින් දැක්වේ.
| දුම්රිය අංකය | ගල්කිස්ස දුම්රිය ස්ථානය | කොටුව දුම්රිය ස්ථානය | යාපනය දුම්රිය ස්ථානය | කන්කසන්තුරේ දුම්රිය ස්ථානය | 
| 4021 | පෙ.ව. 5.10 | පෙ.ව. 5.35/5/45 | පෙ.ව. 11.51/ප.ව. 12.00 | ප.ව. 12.17 | 
| 4022 | ප.ව. 1.15 | ප.ව. 1.45 | ප.ව. 8.00 | 
				 ප.ව. 831  | 
		
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                