ඉන්දීය ඉතිහාසයේ වසර 30කට වඩා වැඩි කාලයත් තුළ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණය ලැබූ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලෙන පරීක්ෂණයක් අද (13දා) සිදුකිරීමට නියමිත බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ලෝක් සභා සහ ප්‍රාන්ත අසුන් 36ක් සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණය එම ජනප්‍රියත්වය උරගා බැලෙන අවස්තාවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගුජරාට් වදෝදරා අසුන ඇතුළු ලෝක් සභා ආසන 3ක් සහ ප්‍රාන්ත ආසන 33ක් සඳහා මෙම අතුරු මැතිවරණය පැවැත්වෙයි. ඒවා ඉන්දියාව පුරා ප්‍රාන්ත 9ක් නියෝජනය කරයි.
එහිදී, පසුගිය මහ මැතිවරණයේදී වදෝදරා අසුන නරේන්ද්‍ර මෝදි ජය ගත්තේ ජන්ද ලක්ෂ 6කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමිනි. එය ඉන්දියාව තුළ එදාමෙදා තුර සිදුවූ ඉහළතම මැතිවරණ ජයග්‍රහණය ලෙස සැලකෙයි.
එහිදී, නරේන්ද්‍ර මෝදි ආසන 2ක් සඳහා තරග වැදුණු අතර, ඔහු එහිදී ජයගත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරනාසි අසුනේ මහජන නියෝජිතයා ලෙස තවදුරටත් කටයුතු කරන බවද පැවසෙයි.. සමාජවාදී පක්ෂ නායක මුල්ලයාලම් සිං යාදව් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනිපූරි අසුනටද අද දිනයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙන අතර, මීට පෙර 5 වතාවේම එම අසුන ජයග්‍රහණය කළේ සමාජවාදී පක්ෂ නායකයා විසිනි.
මීට අමතරව, නව තෙලංගානා ප්‍රාන්තයේ මහඇමති ධුරය ලබා ගැනීම සඳහා ඉල්ලා අස්වූ තෙලංගානා රාෂ්ට්‍ර සමිති පක්ෂ නායක චන්ද්‍රසේකාර් රා ඕගේ අසුනටද අතුරු මැතිවරණයක් පැවැත්වෙයි. ඇසැම්, ආන්ද්‍ර ප්‍රදේශ්, සිකීම් ඇතුළු ප්‍රාන්ත 22ක අසුන් සඳහාද අතුරු මැතිවරණ පැවැත්වෙයි.
මෙම අතුරු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම හෙට සිදුකෙරෙ අතර, මෙම අතුරු මැතිවරණ නරේන්ද්‍ර මෝදිගේ තවමත් බිළිඳු අවදියේ පවතින නව රජයේ ජනපි‍්‍රයත්වය උරගා බලන පරීක්ෂණයක් බව දේශපාලන විචාරකයෝ පවසති.