පොහොර සහනාධාරයේ නරුමභාවය වසාගැනීම සඳහා පිරුවටයක් ලෙස කාබනික පොහොර තර්ජනයක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කර දමා තිබෙන බවත්, මේ නිසා රටපුරා ගොවි විරෝධතා ආරම්භ වී තිබෙන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායනක මහතා සඳහන් කළේය. ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා උතුරේත්, දකුණේත් ගොවි ජනතාව අසරණ වී ඇති බවත්, එහෙත් උතුරේ ජනයාගේ නායකයා යැයි කියාගන්නා පිරිස් ෆෙඩරල් කොටි ෆෙඩරේෂන් ඉඩම් බලතල, පොලිස් බලතල ගැන කතා කරමින් සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා උතුරේත්, දකුණෙත් ගොවි ජනතාව ඒකාබද්ධ කරමින් සමස්ත ලංකාගොවි සම්මේලනය සටනක් ආරම්භ කළ අතර, එම සටනට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් තම පක්ෂයද එම සටනට සහයෝගය දක්වන බව හෙතෙම කියා සිටියේය.