ශ්‍රී ලංකාවේ නරක කාල වලදී චීනය ශ්‍රී ලංකාව හා සිටිය බවත්, ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමග පවත්වන ආර්ථික සබඳතා වර්ධනය කර ගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සඳහන් කරයි. ඉන්දියාවේ බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
"ශ්‍රී ලංකාවට ඉන්දියාවත් සමග දිග සබඳතාවක් තිබෙනවා. අද චීනය ආසියාවේ තිබෙන බලවත් ආර්ථික දෙක අතරින් එකක්. ඒ නිසා ඉන්දියාව හා චීනය ඉවත්කළ හැකි රටක් නෑ. ඉන්දියාව හා චීනය අතර තිබෙන සබඳතාවත් මෑත කාලයේ වර්ධනය වුණා. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන සබදාවත් වර්ධනය වෙනවා. ඉන්දියාව හා චීනය අතර තිබෙන අපගේ ආර්ථික සබඳතා වර්ධනය විය යුතුයි. චීනය අපිත් සමග අපට නරක කාලවලදී සිටියා. අපි එය අගය කරනවා." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.