ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විෂමාචාර චෝදනා එල්ල වූ පුද්ගලයෙකු පත්කිරිමේ සූදානමක් පිළිබඳ තොරතුරු අණාවරණ වී තිබේ.
සුමේධ ජයසිංහ නැමැති ඔහු නයිටා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් බරපතල විෂමාචාරයන් සිදු කර ඇති බව විගණන වාර්ථාව මගින්ද පැහැදිලි කර ඇති මෙහොතක එම පුද්ගලයාට උසස්වීමක් ලබා දීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ආයතන ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත.
යහපාලනයේ අර්ථය සුණුවිසුනු කර දමන මෙවැනි තත්වයන්ට එරෙහිව තමන් නොබියව හා නොපැකිලිව පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.