යළිත් කිසිදු දිනයක මහනුවර නගරයේ මෝටර් රථ ධාවන තරග නොපැවැත්වීමේ කොන්දේසිය මත මේ මස 27 සහ 28 යන දිනයන්හිදී මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය පැවැත්වීමට තමන් වහන්සේ එකඟත්වය පළකළ බව උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියෝ පැවසූහ.
මහනුවර දිස්ත්‍රික් ශාසානරක්ෂක බලමණ්ඩලයේ නිලතල දරන මහා සංඝරත්නය හමුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබූ දානමය පුණ්‍යකර්මය අතරතුර මාධ්‍ය‘වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ ඒ බව අවධාරණය කළහ.