නයිජීරියානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ
- 3 09 2014
- 11:30
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සුබසාධන කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් නයිජීරියානු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවත් එම කණ්ඩායම 11දෙනෙකුගෙන් සමන්විත බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
නයිජීරියානු ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නයිජීරියානු ආරක්ෂක මුලස්ථාන නිලධාරීන් සහ යුද හමුදා මෙන් ම ඒ හා සම්බන්ධ නිලධාරීන් ඇතුළත් බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කණ්ඩායම දින හතරක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර රජයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් හමුවීමට නියමිතව බවත් වාර්තාවෙයි.
මෙම කණ්ඩායමේ ප්‍රධානී නයිජීරියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් M.R. Morgan මහතා ඊයේ (02) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හමුවී සාකච්ඡා කළ බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

