නමුනුකුල කන්ද තරණය කිරීමේ චාරිකාවට යෙදී සිටි විශ්වවිද්‍යාල සිසුන් 4 දෙනෙකු ඊයේ (30දා) රාත්‍රී 11.00ට පමණ ලිස්සා ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ජයවර්ධනපුර, සබරගමුව හා ඌව වෙලස්ස යන විශ්වවිද්‍යාලවල සිසුන් 11 දෙනෙකු හා තවත් පුද්ගලයෙකු මෙම කඳු තරණයට එක්ව සිටි බව පොලීසිය පවසයි
සිද්ධිය වූ වහාම සිසුන් පොලිස් හිදිසි දුරකථන 119 අංකයට දැනුම් දීමෙන් පසු බදුල්ල පොලීසියේ නිලධාරීන් එහි ගොස් තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.