සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාට මෙවර මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබා නොදෙන ලෙස අද (05 දා) පැවති එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්විමේදි ඒක මතිකව සම්මත විය.
මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක මහවැලි සංවර්ධ හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාරේ පැවති මෙම රැස්විමේදි මෙම තිරණය එළඹුණි.
මාතලේ ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා මෙම යෝජනාව සිදු කළ අතර උකුවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි නිසාරේ රාජ මහතා විසින් ස්ථිර කරන ලදි.
රත්තොට රුවන් ධනංජය