නිශාන්තගේ එක් නඩුවක් අවසන්
කොළඹ ක්‍රිකට් සංගම් සභාපති අරුණ සිල්වා මහතාට බැන වැදීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුව අද (5දා) අවසන් කෙරිණි.
දෙපාර්ශ්වය සමථයකට පත්වීම හේතුවෙන් අරුණ සිල්වා මහතා පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව නඩුව අවසන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිශාන්ත රණතුංග මහතා තරයේ අවවාද කරනු ලැබීය.
කරුණාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි
රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ඉදිරිපත් කළ ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (05දා) ප්‍රතික්ෂේප කළේය. නඩුව නැවතත් අනිද්දා (07දා) තෙක් කල්දැමින.
බස්නාහිර මන්ත්‍රීට ඇප
පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාර රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය අද (5දා) නියෝග කළේය. පසුගිය නොවැම්බර් 29දා සමෘද්ධි නිලධාරීන් විසින් පැවැත්වූ විරෝධතාවක් අතරතුළදී මන්ත්‍රීවරයා පොලීසියේ රාජකාරී කටයුතු සඳහා බාධා කළ බවට පැමිණිලි කර තිබුණි.