නඩු කටයුතු සඳහා ගතවන කාලය අවම තමන්ට ඇති අභයෝගයක් බවත් ඒ හේතුවෙන් පුද්ගලයන් සාක්ෂි දීමට පවා ඉදිරිපත් නොවන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මේ බව පැවැසුවේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට ඊයේ දින (28දා) සහභාගි වෙමිනි.
“මට තියෙන ලොකුම අභියෝගය තමයි නඩුවක් අහන්න ගතකරන කාලය අඩුකිරීම. මම දන්නවා ඔබ නඩුවක් සම්බන්ධයෙන් කී සැරයක් උසාවියට යනවද කියලා. එහෙම නැත්නම් අද පුද්ගලයින් දෙයක් දුටුවත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ අපිට ඕවට මැදිහත් වෙන්න බෑ කියලා.
පහුගිය දවස්වල හොයලා බලනකොට මිනිමැරුම් නඩුවලට අවුරුදු 17ක් විතර යනවා. මේවා වෙනස් වෙන්න ඕනි. මේවා අපේ කාර්යභාරය. මගේ වගකීම නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුවෙනවද කියලා හොයලා බලන එක. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමත් මගේ වගකීමක් ලෙස මම සලකනවා.” යනුවෙන් ප්‍රකාශ කළාය.