බෞද්ධයන්ට ඇති ගැටලු දිනෙන් දින වැඩිවන බවත් ඒ පිළිබඳව කිසිවෙකුත් සොයා නොබලන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.
අධිකරණය හමුවේ ඊයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්නතු නිකුත් කළ අතර අද (13දා) මොසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් දැක්වීය.
"අධිකරණයට පැමිණෙමින් සිටියදී තිබුණ අධික රථ වාහන තදබදය හේතුවෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාද වුණා. ඒ වන විට නඩුව කැඳවා තිබුණා. කොහොම වුණත් අද මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුණා. වරෙන්තුව අවලංගු කර ගත්තා. නැවත නොවැම්බර් මස 09 දා නඩුව විභාගවිමට නියමිතයි.
දැන්නම් අපට හිතෙනවා අපි නඩුපවරන්න ඕන මේ රටේ මහානායක හාමුදුරුවන්ට. අධිකරණ සංඝනායක හිමිවරු ඉන්නවා. හැම නිකායකමට මහා නායක හිමිවරු ඉන්නවා. මේ රටේ සමස්ත බෞද්ධයන්ගේ සම්පත් වරදා භුක්ති විදිනවා. දවසින් දවස බෞද්ධයන්ගේ ප්‍රශ්න ඉහළට නගිනවා. අධිකරණ ඇමතිලා ඉන්නවා, බුද්ධ ශාසන ඇමතිලා ඉන්නවා. මේවා ගැන හොයන්න කවුරුවත් නෑ" යැයි උන්වහන්සේ පැවැසූහ.