පාරිභෝගික අධිකාරය දිවයින පුරා සිදුකරන ලද වැටලීම් හරහා අත්අඩංගුවට ගත් සහල් ජාවාරම්කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් මිලියන 14 ක දඩ මුදලක් අයකරගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03දා) වවුනියාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
“උපරිම සිල්ලර මිලට එකඟ නොවෙමින් රට පුරා වෙළෙන්දන් වැඩි මිලට සහල් විකිණීම,දේශීය සහල් හා විදේශීය සහල් කලවම් කොට දේශීය සහල් විදිහට වැඩි මිලකට විකිණීම හා පාවිච්චියට නුසුදුසු සහල් විකුණූ වෙළෙඳ ස්ථාන 2000කට අධික ප්‍රමාණයක් වැටලීම් කළා. එයින් 1500කට පමණ ප්‍රමාණයක් අධිකරණට ඉදිරිපත් කොට රුපියල් මිලියන 14 ක දඩ මුදල් උපයාගත්තා.
සහල වෙළෙඳාමේදී ගම්මට්ටමින් විවිධ වූ ජාවාරම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති නිසා මේ වනවිට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ගම්මට්ටමින්ද වැටලීම් සිදු කරනවා. ඉදිරියේදී එළඹෙන සිංහල දෙමළ අවුරුදු සමයේදීද හිඟයකින් තොරව සහල් ඒ මිලටම ලබාදීමටද කටයුතු කරනවා.” යැයිද ඇමතිවරයා කියා සිටියේය.