යහපාලන ආණ්ඩුව සිය දේශපාලන හෙංචයියන්ට නකල්ස් රක්ෂිතය දීමට තැත් කරන බව ජාතික නිදහස් පෙරමුනේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා චෝදනා කරයි.
කොළඹදී අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අක්කර විසි එක්දහසක් පුරා පැතිරී පවතින නකල්ස් රක්ෂිතය සංවර්ධනය ලෙස හඳුන්වමින් විනාශ මුඛයට ගෙන යෑමට යහපාලන ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“නකල්ස් රක්ෂිතය පුද්ගලික සමාගමකට පුද්ගලික කාර්යයන් කිරීම සඳහා විනාශ කිරීමට ලබාදී තිබීම පිළිබඳ ඇඟිල්ල දිගුවෙලා තිබෙන්නේ කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල කියන අමාත්‍යවරුන්ටයි.
දුම්බර කියන්නේ යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන කලාපයක්. නමුත් දේශපාලන කප්පම්වලට ඒවා අදාළ වෙන්නෙ නෑ.
පරිසරය විනාශ කිරීම නිසා තමයි අද කැලණිය ප්‍රදේශයේ බොන්න වතුර නැත්තෙත්, වකුගඩු රෝගය පැතිරී යන්නෙත්” යනුවෙන් පැවසීය.