නකල්ස් වතු ඉඩම් අක්කර 21000 අක්කරයකට රුපියල් 2857ක මුදලකට බදු දීලා
රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් කළමනාකරණය කරනු ලබන නකල්ස් කඳුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට බදු දී ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන්ට මෙම පවරා දීම සිදු කර තිබෙන බව එම ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
ඒ අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල,හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ́පල්ගල යන රාජ්‍ය වැවිලි සං ස්ථාවට අයත් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයන් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇතැයිද එහි දැක්වේ.
මෙමපැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ බවත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මහ පරිමාණ කුකුළු ගොවිපොළක් සඳහා ප්‍රධාන සමාගමක් වෙත පවරා ඇති බවද එම නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

