නකල්ස් රක්ෂිතයේ ඉඩම් විකිණීම පිළිබඳව විවාදයකට එන ලෙස රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ආරාධනා කරන බව ඌව පළාත් සභා මන්ත්‍රි සහ “ජිවයේ අයිතියේ “පරිසර සංවිධානයේ කැදවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ( 15දා) මාතලේ දි පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ රාජ්‍ය ව්‍යාවසාය අමාත්‍යංශය මගින් බදු දි ඇති බව කියන ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට සහභාගි විමෙන් අනතුරුව රත්තොට මැදවත්ත කටාරම්තැන්න වැව් ඉස්මත්තේ දි පැවති මාධ්‍ය හමුවකදිය.
“මේ වන විට රත්තොට දඹගොල්ල කාටාරම්තැන්න වැව ආශ්‍රිතව අක්කර 35ක ප්‍රමාණයක් පෞද්ගලික සමාගමකට බදු දිලා තියෙනවා.උඩින් තියෙන්නේ නකල්ස් රක්ෂිතයේ අධි සංවේදි කාලාපයයි. ලක්ෂ්මන් කිරිඇල්ල ආමත්‍යවරයා සිත කාමරවල ඉදිමින් කියා සිටියේ නකල්ස් රක්ෂිතයේ ඉඩම් ලබා දි නැහැ කියලා. මේකට හානියක් වෙන්නේ නැහැ.
මේවා විකුණලා නැහැ කියලා. ඇමති කිරිඇල්ලටත්, ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් ඔයලා විකුණපු ඉඩමක අපි මේ ඉන්නේ. මේ කටාරම්තැන්න වැව විකිණිමට ලක්වෙලා ඉවරයි. අක්කර 35ක් මේ තියෙනවා. අක්කරයක් රුපියල් 2850 කුණු කොල්ලයට විකුණලා ඉවරයි. මේවා දේශපාලන ගැහිලි. සාක්කුවට දමා ගැනිලි.
කිරිඇල්ල ඇමතිතුමාට කියන්න කැමතියි. සිංහාසනවලින් බැහැලා මේ රක්ෂිතයට ඇවිල්ලා ජනතාවගෙන් අහන්න. අපි ආරාධනා කරනවා විවෘත සංවාදයකට එන්න කියලා. අපි ආරාධනා කරනවා. මේවා විකුණුවාද නැද්ද කියන එක පැහැදිලි කරන්න. පාළු ගෙවල්වල ඉදන් වලං බිදින්න එපා.”
රත්තොට රුවන් ධනංජය