ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරමින් සිටියි. ඒ සඳහා දැනටමත් රජය විසින් රුපියල් මිලියන 183ක මුදලක් වෙන් කර ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි. එම ටැබ් පරිගණක ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධීවරයිනට දැනුම ලබාදීම සඳහා වැඩමුළු කිහිපයක්ද පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.