නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගනු ලැබූ අතුරුදන්ව සිටි ධීවරයන් 05 දෙනාගේ මළසිරුරු පොලීසියට බාරදීමට කටයුතු කරන බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
පොලීසියට භාරදෙන මළසිරුරු පසුව පවුලේ ඥාතීන්ට භාරදෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අලෙවි අක්රම් මහතා සඳහන් කළේය.
පසුගිය 31 වැනි දින ගාලු වරායෙන් මුහුදු ගිය සාගර පුතා 03 බහුදින යාත්‍රාව වෙළෙඳ නැවක ගැටීම නිසා මෙම ධීවරයන් 05 දෙනා අතුරුදන් වී සිටි අතර, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් දැල්වල පැටලී තිබියදී ඔවුන්ගේ මළසිරුරු මෙසේ සොයාගෙන තිබේ.