ශ්‍රී ලංකා ධීවර සංස්ථාව කිසිඳු දේශීය හෝ විදේශීය අංශයකට විකිණීමක් සිදු නොකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය.
ධීවර සංස්ථාව දැන් ලාභ ලබමින් පවතිනවා. ජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීමයි අපේ අරමුණ වී තිබෙන්නේ. ධීවර සංස්ථාව කොරියානු සමාගමකට ලබාදෙන බව කියන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.