ධීවර වරායන් විකුණන්නේ නෑ - ධීවර ඇමැතිගෙන් අභියෝගයක්
ධීවර වරායන් විකුණන බවට යම් යම් අය ප්‍රචාරය කර ගෙන ගියත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (18දා) සවස හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරවීර මහතා,
“ධීවර වරායවල් විකුණනවා කියල දැන් කණ්ඩායමක් කියා ගෙන යනවා. ධීවර වරායන් ඇතුළෙ පෝස්ටර් පවා ගහනවලු සිංහලවත් කියවා ගන්න බැරි මන්ද බුද්ධිකයන් තමයි මේ කැබිනට් පත්‍රිකාව කියවලා වැරදි විදිහට අර්ථ නිරූපණය කරන්නේ. කැබිනට් පත්‍රිකාවක ඇමුණුම් කියවාගන්න බැරි අය වරායවල් විකුණනවා කියනවා.
මම ඒ අයට මුලින් ආරාධනයක් කළා එන්න විවාදයකට කියලා අද අභියෝගයක් කරනවා ඒ කියන කට්ටියට ඕනෑම මාධ්‍ය නාලිකාවක, ඕනෑම වේදිකාවක මේ වරාය විකුණන එක ගැන මාත් එක්ක විවාදයකට එන්න කියලා. මම හිතනවා බයේ පැනලා යන්නේ නැතිව ඒ වීරයෝ ඇවිල්ලා, ඒ අය සැබෑ ධීවර නියෝජිතයෝ නම් හෝ රටට ආදරය කරන අය නම්, ඒ විවාදයට මාත් එක්ක එයි කියලා මම බලාපොරොත්තුවෙනවා. එහෙම නැත්නම් ඒ අය ජනතාව මුලා කරන වාංචනිකයෝ බවට පත්වෙනවා" යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

