මෙරට මුහුදු තීරයට පැමිණ ධීවර කර්මාන්තයේ යෙදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් මානුෂීය හේතූන් මත මුදාහැරියද, ඔවුන් සමග අත්අඩංගුවට ගත් යාත්‍රා සහ දැල් ආම්පන්න රාජසන්තක කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මීට අමතරව ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ධීවරයන්ද නිදහස් කරගැනීමට කටයුතු කරන බවත්, එහෙත් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ පවතින යාත්‍රා හෝ දැල් ආම්පන්න නිදහස් කරගැනීමක් සිදු නොකරන බවත් ඔහු පවසා සිටියේය.
මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ ඉන්දීය ධීවරයන් 120 දෙනෙකු හා යාත්‍රා 54කුත්, ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ මෙරට ධීවරයන් 36 දෙනෙකු හා යාත්‍රා 10කුත් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.