ඉන්දීය ධීවරයන් පිරිසක් මෙරට මුහුදු සීමාවට පැමිණ මෙරට ධීවරයන්ට සිදුකළ පහරදීම පිළිබඳව හා දැල් සහ උපකරණ පැහැරගෙන යාම පිළිබඳ වහාම වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ධීවර අමාත්‍යවරයා නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බළකායට උපදෙස් ලබාදී ඇත.
ඉන්දීය ධීවරයන් සිදුකළ පහරදීමක් නිසා ධීවරයෙකු පසුගිය මාසයේදී අතුරුදන් වී තිබෙන අතර, මීට අමතරව ධීවරයන්ට පහරදී ඔවුන් සතු දැල් සහ මත්ස්‍ය අස්වැන්නද පැහැරගෙන ගොස් තිබේ.
මීට අමතරව පෙරේදා (28දා) දිනයේදීත් යම් පිරිසක් මේ ආකාරයේ පහරදීමක් සිදු කර ශ්‍රී ලාංකික ධීවරයන් සතුව තිබූ උපකරණ හා දැල් පැහැරගෙන ගොස් තිබේ.