කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන 03 ක් වන වී අලෙවි මණ්ඩලය, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ හදබිම අධිකාරිය යන ආයතන 03 ට නව සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත්කර ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර තිබෙන අතර, ඒ මහතා මීට පෙර ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ය.
ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර සිටින බුද්ධික ඉද්දමල්ගොඩ මහතා නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබී ය.
හදබිම අධිකාරියේ සභාපතිවරයා ලෙස ඉන්දික ගුරුගේ මහතා පත්කර ඇත. හෙතෙම මීට පෙර ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලැබී ය.
මෙම නව සභාපතිවරු තිදෙනාම සභාපති ධුරයන්හි රාජකාරී කටයුතු හෙට දින (31) ආරම්භ කිරීමට නියමිත ය. කෘෂීකර්ම අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස පසුගියදා සිදුකළ කැබිනට් සංශෝධයේදී මහින්ද අමරවීර මහතා පත්වීම් ලැබූ අතර ඔහු ඊට පෙර ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.