ඉන්දීය ධීවර සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් අද (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුව තිබේ.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති පවසා ඇත්තේ මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට හැකියාව ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක සිට පවතින අතීත මිත්‍ර සබදතාවලට මේ හේතුවෙන් කිසිදු පළුදුවීමක් ඇතිවීමට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපතිතුමා පැවැසූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දෙරටටම අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් ගැටලුව විසදාගතයුතු බව ජනපතිවරයා පෙන්වා දී තිබෙන අතර දෙරටේ නිලධාරින් අතර පවත්වන සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට උපදෙස්ද ලබා දී තිබේ. ඒම සඳහා දෙරටේම ධීවර සංගම්වල සහායද අවශ්‍ය බව ජනපතිවරයා පවසා තිබේ.