ධම්මික පෙරේරා ලොවට සීමිත බෙන්ට්ලි රථයක් මිළට ගනියි
ශ්‍රී ලංකාවේ ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා බදු සහිතව රුපියල් මිලියන 160ක් වටිනා බෙන්ට්ලි මුල්සෝන් හෝල්මාක් රථයක් මිළට ගෙන ඇත. එය දකුණු ආසියාවේ සහ මැද පෙරදිග එම රථය මිළදීගත් පළමු අවස්ථාවද විය හැක.
මෙය ලොව වටිනාම සුඛෝපභෝගී මෝටර් රථය වන අතර එය අතිශය වටිනා ලෝහ සහ වටිනා අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත.
මියුලිනර් නිමවන මුල්සෝන් හෝල්මාක් කාණ්ඩයේ අතින් නිපදවෙන මෝටර් රථ, පනහක් පමණක් එක් වර්ගයකින් නිෂ්පාදනය වෙයි. මේ නිසාම මෙම වාහන අතිශය දුර්ලභ සහ ඉහළ වටිනාකමකට හිමිකම් කියයි.
ධම්මික පෙරේරා මහතා මිළදීගත් නිල් සහ පෝසිලේන් සුදු පැහැ මුල්සෝන් හෝල්මාක් රථය එම වර්ගයේ පනස් වැනි රථය වූ අතර එය ඊයේ(14දා) ගුවන් මගින් මෙරටට ගෙන එන ලදී.
මුළු ආසියාවටම මුල්සෝන් හෝල්මාක් රථ ඇති බවට වාර්තා වන්නේ තුනකි. බේන්ට්ලි සමාගමේ ෆ්ලෑග්ෂිප් කාණ්ඩය ලෙස මුල්සෝන් හෝල්මාක් ඛාණ්ඩය හඳුන්වයි.
Daily FT ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

