සොරකම් කළ අලි පැටවෙකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට අධි චෝදනා ගොනු කරමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අද (11දා)කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.
පොදු දේපළක් වන අලි පැටවා නිසි බලපත්රයක් නොමැතිව තබාගෙන සිටි බවටද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
|
උඩුවේ හිමියන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා පවසා ඇත.
|