ක්රිකට් ක්රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අඟුලාන ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 'අඟුලානේ රොෂාන්' සහ 'බයියා' යන අනවර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයන් බවටද හෙළි වී ඇත.
24 වැනිදා ගල්කිස්ස ප්රදේශයේදී සිදු කළ වෙඩි තැබීමක් නිසා තිදෙනෙකු තුවාල ලැබූ අතර, තුවාලකරුවන් අතර සිටි ක්රිකට් ක්රීඩක ධනංජය සිල්වාගේ පියා වන නාගරික මන්ත්රී කේ. රංජන් ද සිල්වා මහතා මරණයට පත් විය.