වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සුරතල් සතුන් හා ගොවිපොළ සතුන් සමග සන්නිවේදනය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදය තමන් සොයාගත් බවත්, එය තව සතියකින් හෙළිකරන බවත් ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයෙකු පවසයි.
ආචාර්ය ඉයන් ඩන්කන් නමැති මෙම විද්‍යාඥයා පෙන්වා දෙන්නේ, 'තමුන් දැනට ගතකරන ජීවන තත්ත්වය පිළිබඳව සතුටුදායකද?', 'තමුන්ව හොඳින් රැකබලා ගන්නවාද?' යන ප්‍රශ්න සතුන්ගෙන් ඇසීමට ඔහු බලාපොරොත්තු වන බවයි.
කැනේඩියානු ගුඑල්ෆ් සරසවියේ සත්ව සුබසාධන මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති ඩන්කන් සතුන් සමග සන්නිවේදනය කිරීමේ තම ක්‍රමවේදය විද්‍යාව මත පදනම් වූ සුවිශේෂී ක්‍රමවේදයක් බව පවසයි.