රජයට දෝෂාරෝපණය කළද, විකල්පයක් ඉදිරිපත් කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අලුත්කඩේ, අධිකරණ සංකීර්ණය අසලදී අද (01දා) පැවැති දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් අග්රාමාත්යරවයා මේ බව ප්‍රකාශ කළේය.
වත්මන් රජය හැර රටට වෙනත් විකල්පක් නොමැති බවත්, රජයේ අඩුපාඩුකම් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අලුත් ඇමති මණ්ඩලයක් සමග අපට ඉදිරියට යෑමට තිබෙනවා. මේ රජය හැර මේ රටට වෙන විකල්පයක් නැහැ. අපට දෝෂාරෝපණය කරන්න බොහෝ දෙනා සිටිනවා. දිනපතා මාධ්‍ය තුළින් අපිව විවේචනය කරනවා. අපට දොස් කියනවා. එහෙත් මේ වනතෙක් කිසිවෙක් විකල්පයක් ඉදිරිපත් කර නැහැ. ඒ විකල්පය කුමක්ද? තමා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ ගැන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ.
වැඩසටහනක් ඇත්තේ අපේ රජයට පමණයි. අපේ අඩුපාඩුකම් තිබෙනවා. රජය යන වේගය මදි, දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නැයි ජනතාව පෙබරවාරි මාසයේ පණිවුඩයක් දුන්නා. එම නිසා ජනතාවගේ විශ්වාසය දිනාගනමින් අපට ඉදිරියට යෑමට තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.