(PHOTOS) ඉපැරණි දේශීය සහල් කිලෝග්‍රෑම් ලක්ෂ හයක් (06) පමණ මේ වසරේදී ප්‍රථමවරට අපනයනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම්කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි සී කලාපයේ රත්කිඳ ගොවිපොළේ මෙවර 2014 මහ කන්නයේ වී අස්වනු නෙළීම ඊයේ (24දා) ආරම්භ කෙරිණි.
දේශීය වී වර්ගයක් වන සුවඳැල් මෙසේ වගාකර ඇති අතර, මෙම අස්වනු බීජ නිෂ්පාදනය සඳහාද අපේක්ෂා කරන බවත්, සහල් ආනයනය කිරීම මෙහි මූලික අරමුණ බවත් නේවාසික ව්‍යාපාර කළමනාකරු අයි.එම්.යූ.කේ. කුමාර මහතා 'අද'ට පැවසීය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්