ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා වන දේශීය යාන්ත්රණයකට සහාය දැක්වීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකානු රජයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසා තිබේ.
ඇය දින දෙකක සංචාරයක් සඳහා ඊයේ (25දා) දිවයිනට පැමිණියාය. එසේම ශ්‍රී ලංකා රජයට සහාය දැක්වෙන යෝජනාවක් එළැඹෙන මස පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයා සඳහා ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව සූදානම් බවද ඇය පවසා තිබේ.
මෙම වාර්තාව ශ්‍රී ලංකාව - ඇමෙර්කාව හා අනෙකුත් ප්‍රධාන පෙළේ සාමාජිකයන්ගේ එකගතාවයකින් ඉදිරිපත් කරන බවත් ඇය පවා තිබේ.