ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් වන දේශීය පරීක්ෂණයට අදාළ යෝජනාව එළැඹෙන මානව හිමිකම් කොමිසමේදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නව රජය සූදානමින් පසුව බව හින්දු පුවත් සේවය සඳහන් කරනවා.
රජයේ නම හෙළි නොකළ නිලධාරියෙක් උපුටා දක්වමින් හින්දු පුවත් සේවය පැවැසුවේ මානව හිමිකම් කොමිසමේ මාර්තු සමුළුවට එක්වන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, මේ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සැසිවාරය දැනුම්වත් කිරිමට සූදානමින් පසුවන බවයි.
මාස දෙකක් ඇතුළත දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය සූදානම් බවද හින්දු පුවත් සේවය සඳහන් කරනවා.