යුද්ධය පැවැති සමයේ සිදුවූවා යැයි කියන ජාත්‍යන්තර මානුෂීය උල්ලංඝනය කිරීම් සම්බන්ධව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට නව රජය තීරණය කර ඇති අතර, දේශීය කිසිදු යාන්ත්රණයකට තම පක්ෂය සහාය නොදෙන බව දෙමළ ජාතික සංවිධානය පවසයි.
මධ්‍යම හා උතුරු ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය සමග පැවැති සාකච්ඡාවකදී මේ බව දෙමළ සන්ධානය පවසා ඇත.
එබැවින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කටයුතු එලෙස කරගෙන යාමත්, අදාළ වාර්තාව නියමිත දිනයට ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා %අද^ පුවත්පතට පැවසීය.
එසේම දින 100 වැඩපිළිවෙළ යටතේ වත්මන් රජය මේ දක්වා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත්වන බවත්, එසේම උතුරු පළාතේ අවතැන් ජනතාව යළි පදිංචි කිරීම ඇතුළු කරුණු සම්බන්ධව රජය ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ මහතා අවධාරණ කළේය.