සැමවිටම දේශීය ඉංජිනේරුවන් ශක්තිමත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් කැපවෙන බවත්, ඉංජිනේරු සභා පනත ඉක්මනින් සම්මත කර ගැනීමට අවශ්‍ය විධි විධාන සකස් කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අද (02දා) පැවසීය.
අතීතයේ මෙරට ඉංජිනේරු තාක්ෂණය ලෝකයටම නොදෙවැනි අයුරින් පැවතුන බවද ඒ හා සමානව වත්මන් ඉංජිනේරු තාක්ෂණය සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.