දේශපාළන තීන්දු තීරණ ගත යුත්තේ ආවේග මත නොවෙන බවත් , ආවේග අවුස්සා,ජාතිවාදය ආගම්වාදය අවුස්සා කටයුතු කළහොත් රටක් සංවර්ධනය කිරීමට නොහැකි බවත් ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොග්ගල ආයෝජන කලාපයේදී පැවසීය.
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ආයොජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන් අමතමින් අමාත්‍යවරයා මේබව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේද පැවසීය.
ජනතාව බියගන්වලා ජාතිවාදය ආගම්වාදය අවුස්සලා, ආවේග අවුස්ලා කරන දේශපාළනය ආකර්ශණීයයි. නමුත් ආවේග මත දේහපාලනයඉ කරන්න ගියොත් රටවල් විනාශ වෙනවා.විදේශ බලවේග අතුගාලා දාන්න ඕනෑ කීවම ආකර්ශණීයයි. පසුගිය කාලයේ විදුලිපුටු පෙන්වලා ජනතාව බිය ගැන්නුවා. නමුත් අපි අද ඒ දේවල් කරන්න සූදානම් නැහැ. අපි දේශපාළනයට ඇවිත් තියෙන්නේ මුදල් හම්බ කරන්නනොවෙයි. පගා බලාපොරොත්තුවෙන් නොවෙයි. අපේ බලාපොරොත්තුව තියෙන්නේ ජනතාවගේ ජිවන තත්වය උසස් කරන්නයි. ජනතාවගේ ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නයි.
ජිනේෂ් නානායක්කාර