වැළිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය සොයොයුරාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (31දා) එහි ගියේය.දේශපාලනික වශයෙන් පළිගැනීම තවදුරටත් ක්රියාත්මක බව එහිසී ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා, “බොහෝ දෙනෙක්ට ලොකු වුවමනාවක් තිබුණා මේ කණ්ඩායමක් අත්අඩංගුවට අරන් හරි කමක් නෑ විපක්ෂය මර්දනය කරන්න. යහපානය ප්රජාතන්ත්රවාදය කියලා ලෝකෙට මවා පාලා අද ඇවිල්ලා අහිංසක කට්ටිය අත්අඩංගුවට අරගෙන බෙරු චෝදානා නගලා දේශපාලනික වශයෙන් පළිගැනීම තවමත් දිගටම ක්රියාත්මක වෙනවා.
ප්රා දේශීය සභා මන්ත්රීවරයාගේ සිට රජයේ නිලධාරියා දක්වා සියලුම දෙනාගෙන්ම මේ පළිගැනීම සිද්ධවෙනවා.අපෙන් පළිගැන්න අවධානය යොමුකරලා කාලය වැය කරලා සතුටුවෙනවා වගේම රටේ ජනතාවට සහනයක් දීලා රට සංවර්ධනය කරලා සතුවෙන්න් කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනි.