දේශපාලනයේදී ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක් බවත් ඒව විසඳීමට විශේෂ අවධානයක් යොමුකළත් ප්රමුඛ අවධානය යොමුවන්නේ රට සීඝ්රයෙන් සංවර්ධනය කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේදී ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.
“වසර දෙකක් තුළ රට ගොඩ නැගීමෙන් අනතුරුව අවසන් මාස 18ක කාලය තුල ග්‍රාමීය මට්ටමේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට අපේ රජය සූදානමින් සිටිනවා. මැතිවරණ ජයග්රහණයෙන් පසු 2015 දී අපි භාරගත්තේ සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණු රටක්. එම නිසා අපේ ආණ්ඩුවේ පළමු වසර දෙක ගතවුණේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකිරීම සඳහායි.
මේ වන විට ණයට ගැනීමේ ප්‍රමාණය අවම කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. වැඩිම ණය මුදල් ප්‍රමාණයක් ගෙවීමට තිබෙන වර්ෂ ලෙස 2017, 2018 වර්ෂයන් හැදින්විය හැකියි.
කොළඹ සිට මහනුවරටත්, කොළඹ සිට කුරුණෑගලටත් ඉදිවන අධිවේගි මාර්ගයේ වැඩකටයුතු අප ඉක්මනින් අවසන් කරනවා. ඒ වගේම මාතර – හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් කටයුතුත් ඉදිරියේදී අවසන් වෙනවා. කොළඹ නගරය මහා නගර සංකල්ප යටතේ දියුණු කිරීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. මහනුවර නගරය සංවර්ධනය කිරීමේ සැලසුමද අප සකසක් කර තිබෙනවා.
මොරගහකන්ද වැනි ජල යෝජනා ක්‍රම අප අවසන් කර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට, සංචාරක කලාප ඇති කිරීමට අපි කටයුතු කරනවා. දකුණු ආසියාවේ විශාලම සංචාරක කලාපය දෙද්දුවේ ඉදිකිරීමට අවශ්‍ය වැඩකටයුතු අප දැන් සිදුකර අවසන්. බිංගිරිය, මිල්ලනිය, මාවතගම, වැලිගම, ආදි ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කිරීමටත් අප සූදානම්. ඒ වගේම අක්කර එක්දහස් එකසීයක විශාලත්වයෙන් යුත් අති විශාල කර්මාන්ත කලාපයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ආයෝජකයන් මේ වන විට රට තුලට පැමිණ තිබෙනවා.
දේශපාලනය කරන විට ගැටළු ඇතිවීම සාමාන්‍ය දෙයක්. අපේ විශේෂ අවධානය යොමු වන්නේ එම ගැටළු නිරාකරණය කිරීමටයි. අපේ ආණ්ඩුවේ ප්‍රමුඛත්වය සහ වැඩි අවධානය යොමු වන්නේ රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහායි. අපේ සම්පූර්ණ කාලය ඒ වෙනුවෙන් වෙන් කරනවා. ව්‍යාපෘති ගණනාවක් භාරගෙන ගැටළු රැසක මැදි වෙනවා වෙනුවට රටේ සීඝ්‍ර සංවර්ධනයට අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස මම පසුගියදා අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නා.”