වූෂු වැනි කි්රඩාවන් වර්තමාන දේශපාලනඥයින්ටද ඉගෙන ගැනීමට ඉතා වැදගත් බව, විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
වූෂූ වැනි කි‍්‍රඩා මගින් මානසික මට්ටම හොඳින් පවත්වා ගැනීමට හැකි බවත්, එමගින් ජීවිතයේ විවිධ ප්‍රශ්න වලට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබෙන බවද ඇය ප්‍රකාශ කළාය.
ඇය මේ අදහස් ප්‍රකාශ කළේ, සමස්ථ ලංකා වූෂු තරගාවලියේ තාවුළු බාලක අංශයෙන් ශුරතාවය දිනාගත් කලවාන ගාමිණී මහා විදුහලේ සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (04) සහභාගි වෙමිනි.
තරුණ තරුණියන් මෙවැනි කි‍්‍රඩා සඳහා යොමුවීම මගින්, සමාජ ගැටළු ඇති නොවන අතර, ඔවුන්ගේ අනාගත ජීවිතයේ බොහෝ ප්‍රශ්න රැසක් එමගින් නිරාකරණය කිරීමට ශක්තිය ලැබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.