දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන බව පවසමින් දේශපාලන හිතවතුන් 800කට අධික ප්‍රමාණයකට දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රම‘වේදය කඩකරමින් උසස්වීම් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සඳහන් කරයි.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 05ක් නිකුත් කර තිබෙන බවත්, දේශපාල පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බැලීමට රජය විසින් කමිටුවක් පත්කර තිබෙන අතර, ඒ සඳහා අයදුම්පත් 833ක් ලැබී තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් කම්කරු තනතුරේ සිටින පිරිස් නියාමක තනතුරු දක්වා උසස් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, සමහර පිරිස් ඉහළ තනතුරුවල පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
ලබාදෙන සියලුම උසස්වීම් පෙරදාතම කරමින් ලබාදීමටද සැලසුම් කර තිබෙන බවත්, මෙම උසස්වීම් ලබාදීම හරහා දුම්රිය දෙපාර්තමේන්තුවට පරිපාලනමය ගැටලුවකට මුහුණදීමට සිදුවන බවත් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේනිසා මෙම ගැටලු විසඳීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසට රාජ්‍ය පරිපාලන හා නීතිය, සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙමපවසා සිටියේය.
දෙපාර්තමේන්තුව තුළ ඇති වී තිබෙන බරපතළම ගැටලුවවී තිබෙන්නේ, වසර 05කට අධික කාලයක සිට සේවයේ ස්ථිර නොවූ සේවකයන් 2000කට අධික පිරිසකගේ සේවය ස්ථිර කිරීම බවත්, එහෙත් පාලකයන් එම කටයුතු කිරීම දිගින් දිගටම කල් දමමින් තිබෙන බවත් එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.