ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ශාස්ත්රාලයේ පළමු පාඨමාලාව මැයි මස 07 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
අනාගතයේදී දේශපාලනයට පිවිසෙන හා දේශපාලන දැනුම ලබාගැනීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට මෙම ශාස්ත්‍රාලය හරහා දේශපාලන අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවේ.
පැවැත්වෙන මෙම පාඨමාලාව කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන අතර දමිළ මාධ්‍යයේ පාඨමාලා, යාපනය නගරයේ ස්ථානයක ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබේ.
වයස අවුරුදු 18ත් 35ත් අතර ඕනෑම තරුණ තරුණියන්ට මෙම ශාස්ත්‍රාලය හරහා අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදී තිබේ.