ගෙවී ගිය වසර 20 ක කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට සහන සැලසීම සඳහා කැබිනට් පත්රිකා තුනකින් ප්රතිපාදන ලබාදීමට රජය සැලසුම් කර තිබේ.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙම කැබිනට් පත්රිකා තුන ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙහි පළමු කැබිනට් පත්රිකාව ජනවාරි මාසයේ මුල් සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.