ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලඥයන්ගෙන් තොර මැයි දින රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනා බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
මේ සඳහා වෘත්තීය සමිති 14 ක නියෝජිතයන් හා එම වෘත්තීය සමිතිවල සාමාජිකයන් මෙම රැලියට සහභාගී වන බවද එම බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රතන්ප්‍රිය මහතා සඳහන් කළේය.
නිදහස් සෞඛ්‍ය සේවයක් සහෝදරත්වයේ හඬක් එකමුතු බලවේගයක් තේමාව කරගෙන මෙම රැලිය පැවැත්වෙන බවද එහිදී ඔහු පවසා සිටියේය.