දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදීගැනීමේ ක්‍රම යටතේ සතුන් වර්ග රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් වශයෙන් ලබාගැනීමට වෙනත් රටවල් සමග අවශ්‍ය සාකච්ඡා පවත්වා ඇත.
සත්ව හුවමාරු ක්‍රමය යටතේ නව සර්ප විශේෂ රැසක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතව ඇත. එලෙස අප රටට ලබාදෙන සර්පයන් වෙනුවෙන් මෙරටේ බහුලව සිටින සර්ප විශේෂ එම රටවල් වෙත ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.
එමෙන් ම කුරුළු විශේෂ, අශ්ව හා පෝනියන් වැනි සතුන් මිලදීගැනීමට ඉදිරියේ දී කටයුතු කෙරෙනු ඇත.