දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය සියලු පහසුකම් සහිත විනෝද උද්‍යානයක් බවට නවීකරණය කෙරෙන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඒ සඳහා වූ මූලික අධ්‍යයනයක් ගවේෂණාත්මකව හා විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කරන බව ඒ මහතා කියා සිටියි.
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (02දා) පැවැති අතර, එහිදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.