නැගෙනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය දොරේඅප්පා නවරත්න රාජා මහතාගේ දෙහිවල නිවස ඇතුළු නිවාස තිහකට අධික ප්‍රමාණයකට දහවල් කාලයේ ඇතුළු වී රුපියල් ලක්ෂ 50කට අධික රන් භාණ්ඩ හා මුදල් සොරාගත් පුද්ගලයෙකු දෙහිවල දුම්රියපොළ අසලදී ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 'දෙහිවල අසරණයා' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී රුපියල් හයලක්ෂ පනස්දහසක් පමණ වටිනා ඇමෙරිකන් ඩොලර් නෝට්ටු, රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා රන් භාණ්ඩ හා පරිගණක පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකටයුතු පුද්ගලයෙකු දෙහිවල දුම්රියපොළ අසල රැඳී සිටින බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උපපොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහතාට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුව පරීක්ෂා කිරීමේදී හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 1200ක ප්‍රමාණයක් හමුවී ඇති අතර, ඒ ඔස්සේ සිදුකළ ප්‍රශ්න කිරීමේදී දිනකට රුපියල් විසිදහසත්, තිස්දහසත් අතර මුදලක මත්කුඩු පානය කරන බව හෙළිව තිබේ.
කිසිදු රැකියාවක් නොකරන සැකකරුට හෙරෝයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී දෙවසරක කාලයක් පුරා දෙහිවල පොලිස් වසමේ සිදුකළ ගෙවල් බිඳුම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
සොරාගත් රන් භාණ්ඩ දෙහිවල, ගල්කිස්ස හා අවට ප්‍ර‘දේශවලට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ.
බිමල් ශ්‍යාමන්