බස්රියක් පැහැරගැනීමේ චෝදනාවට ලක්ව සිටින දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ සභාපති අමිල නුවන් කන්දෙආරච්චි මහතා අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
මුල්‍ය වාරිකය නොගෙවීම නිසා සීසර්වරුන් රැගෙන ගිය බස්රියක් ඔවුන්ගෙන් පැහැර ගත්තේයැයි කියන සිද්ධියක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටියේය.
කෙසේ වෙතත් සභාපතිවරයා අද (15දා) අවිස්සාවේල්ල පොලීසියට භාරවී තිබේ.