දෙසැම්බර් මාසයේ සිට රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ ක්‍රමවේදය තහනම් කර තිබේ.
මේහේතුවෙන් රසායනාගාර සේවා ක්‍රියාත්මක සියලුම රෝහල්වලට ලේ පරික්ෂා කිරීමේ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළුවන රෝගීන්ට පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීම තහනම් කර ඇති බවද අමාත්‍යවරයා කීය.