ඕනෑම ආයතනයක පළමුවැනි තනතුරට දෙවැනි තනතුර ප්‍රශ්නයක් බවත් දෙවැනියා පළමුවැනියා වීමට බලන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
රජයේ ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව ඊයේ (31දා) ප්‍රකාශ කළේය.
“ඕනම ආයතනය පළමු මහත්තයට දෙවැනි මහත්තයා ප්‍රශ්ණයක්. දෙපාර්තමේන්තුව, සංස්ථාවල, ආයතනවල හැම එකකම අධ්‍යක්ෂක ජනරාල්ලට ඊළඟ එක්කෙනා ප්‍රශ්ණයක්. මොකද දෙවැනියා බලනවා පළමුවැනියා වෙන්න. හුගක් ආයතවල එහෙමයි. මම දන්නේ නෑ ඇයි හිනාවෙන්නේ මේකට මෙච්චර කියලා.”